පශ්චාත් යුධ සමයක වගකීම් නිසි ලෙස ඉටු නොවීම නිසා යුද්ධය අවසන් වුවත් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමගියෙන් ජීවත් විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය නොවූ බව ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා පවසනවා.
තමන් උරදී සිටින්නේ අතපසු වූ එම සංහිඳියා වැඩපිළිවෙළ රටේ සියළු ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ඊයේ (31) පස්වරුවේ සමන්තුරේ ප්රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
නැවත යුද්ධයක් ඇති නොවන අයුරින් රට ගොඩ නැගීම තම අරමුණ වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කළා.