Thursday, May 2, 2024

General line - 0115112241

ලියවිල්ලක් නිසා අමෙරිකාවේ මතභේදාත්මක තත්ත්වයක්

පවිත්‍රා මදුහර්ෂණි




අමෙරිකාවේ FBI සංවිධානය සහ එරට රිපබ්ලිකන් පක්ෂ නීති සම්පාදකයින් අතර මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ එම නීති සම්පාදකයින් විසින් එළිදැක්වීමට නියමිත ලියවිල්ලක් සම්බන්ධවයි. පසුගිය ජනාධිපතිවරණයේදී රුසියාව සිදු කළ බව කියන මැදිහත් වීම් සම්බන්ධයෙන් FBI සංවිධානය සිදු කරන පරීක්ෂණ වලදී සිදුවූ අක‍්‍රමිකතා අලලා මෙම ලියවිල්ල සකසා ඇති බවයි වාර්තා වන්නේ.

එම මතභේදාත්මක ලියවිල්ල අද  දිනය තුලදී එළි දැක්වෙනු ඇතැයි ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

රිපබ්ලිකන් පාක්ෂික නීති සම්පාදකයිනගේ මෙම කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් FBI සංවිධානය මේ වනවිටත් අනතුරු ඇගවීම් නිකුත් කර අවසන්.