පළාත් පාලන මැතිවරණය ආසන්නවත්ම දේශපාලන රංගන රැසක් දැකගත හැකි වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අම්බලන්තොට නගරයේ ඊයේ (31) පැවැති ශී්ර ලංකා පොදු ජන පෙරමුණේ ජන රැළියක් අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
එහිදී "ජනාධිපතිවරයා අගමැතිවරයා සමග තරගෙට බොරු කියනවා.. දැන් තමුන්නාන්සේලාට තවත් උප්පරවැට්ටියක් දායි 10 වැනිදාට ඉස්සෙල්ලා. මහලොකුවට යූ.එන්.පී එකේ අය කෑ ගහනවා අපි අස්කරාය කියලා...තව ටික දවසකින් අත්අඩංගුවට ගනී.. මැතිවරණය ඉවර වුණාම ඇප දෙයි.. ඇප දුන්නට පස්සේ නඩුව ඉවරයි. ජනතාව පැහැදිළිව අවබෝධ කරගෙන ඉවරයි මේ ආණ්ඩුව කරන වැඩපිළිවෙල ගැන. අපිව අවීචි මහා නරකාදියට දාන තෙක් අස්වෙන්නේ නෑ කියන අයට දැන් අමතක වෙලා ජනාධිපතිවරණයක් ළඟ ළඟම එනවයි කියන එක.." යනුවෙන් සඳහන් කළා.