Tuesday, May 14, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාවෙන් කොටසක් අල්ලස් කොමිසමට භාරදෙයි

සජිත් තිලකරත්න




බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධීපති කොමිසමේ වාර්තාවට පදනම් කර ගත් සාක්ෂි ලේඛණවලින් කොටසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත භාර දී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලය මගින්.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවට පදනම් කර ගත් ලේඛණවල පිටු විශාල ප‍්‍රමාණයක් ඇති බව ජනාධිපති ලේකම්වරයා මීට පෙර ප‍්‍රකාශ කළා.

අල්ලස් කොමිසම වෙත භාර දී ඇත්තේ ඒවායෙන් කොටසක් බවයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග අනාවරණය කළේ.