Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපති ඇස්බැන්දුමක් කියන කොමිෂන් සභා වාර්තා විවාදයට පාර්ලිමේන්තු සතියක් ඉල්ලයි




බැඳුම්කර සිද්ධිය සහ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තා පිළිබඳ ඵලදායී විවාදයක් පැවැත්වීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ ඒ සඳහා පාර්ලිමේන්තු සතියක් වෙන් කළ යුතු බවයි.  අදාළ වාර්තා සම්බන්ධයෙන් ලබන 06වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත විවාදය ඇස්බැන්දුමක් බවට ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

පවතින තත්ත්වයන් යටතේ එවැනි විවාදයක් හෝ පැවැත්වීම වැදගත් වන බවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හෙක්ටර් අප්පුහාමි පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස ද මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් පවසන්නේ එක් දිනයක් මේ සඳහා ප්‍රමාණවත් නොවන බවයි. කෙසේ වෙතත් මැතිවරණ සමයේ ඊට වඩා වැඩි කාලයක් යෙදවීමට නොහැකි බවද ඔහු පවසනවා. මෙම විවාදය ආණ්ඩු පක්ෂය විසින් දිගින් දිගටම කලදැමූ බව පවසන මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා මෙය මැතිවරණයට පෙර විවාදය ගන්නවාට අකමැති ඇයිදැයි සිතාගත නොහැකි බවද පවසනවා.