අලූතින් පිහිටුවන දූෂණ විරෝධි මහාධිකරණ 03න් එකක පළමු නඩුකරය ලෙස ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විභාගයට ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (01) පැවැත් වූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.
"අර්ජුන් ඇලෝෂියස් යූ.එන්.පී කාරයෙක් නෙවෙයි. නාමල් රාජපක්ෂගේ යාළුවෙක්. මේ පිහිටුවන අධිකරණ වලින් මුලින්ම අහන්නේ ඒ නඩුව. ඇලෝෂියස් කියන්නේ පරණ හොරා. අපේ ආණ්ඩුව ආවමත් හොරකම් කළා. අර්ජුන් ඇලෝෂියස් කියන්නේ අගමැති තුමාගේ කවුරුත් නෙවෙයි. එයා ව්‍යාපාරිකයෙක්. අර්ජුන් ඇලොෂියස් කොහේ හිටියත් කමක් නැහැ. ලෝකය හරි පුංචියි. ඔයිට වැඩිය ලොකු මිනිස්සු අපි අල්ලල තියෙනව. අර්ජුන් ඇලෝෂියසුත් අල්ලනව. ගෙනත් දඩුවම් කරනව."
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ලබන 06 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්සත් ජාතික පක්ෂය නොබියව මුහුණදෙන බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙහිදී කියා සිටියා.