Sunday, May 19, 2024

General line - 0115112241

පර්පචුවල් ගිණුම් තව දුරටත් අත්හිටුවයි




පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය යළි දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම නියෝගය දින 30ක් සඳහා වලංගු වන අතර අවශ්‍ය නම් එය තවදුරටත් දීර්ඝ කළ හැකි බවයි.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් ආයතන ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවෙන් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් වෙනත් පාර්ශවයකට ගලායාම මෙමගින් වළක්වනු ලබනවා.