Sunday, May 19, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ ඉන්ධන පිරවුම්හල ඇරඹීම පමා වෙන හේතුව හෙළිවෙයි

හේමන්ත කහවලගේ




දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා කලාපය තුළ පිහිටුවා ඇති ඉන්ධන පිරවුම්හල් තවමත් ගනුදෙනු ආරම්භ කර නොමැත්තේ මන්දැයි මහජනතාව ප‍්‍රශ්න කරනවා. මේ වනවිට එම පිරවුම්හල්වල ඉදිකිරීම් සම්පූර්ණයෙන් පාහේ අවසන් කර ඇති බවයි බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ. එසේ තිබියදීත් ඒවායේ ගනුදෙනු තවමත් ආරම්භ කර නොමැත්තේ මන්දැයි මහජනතාව නගන ප‍්‍රශ්නය නෙත් නිවුස් අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්  ඕපනායකගෙන් විමසා සිටියා. 

ඔහු පැවසුවේ එම ඉන්ධන පිරවුම්හල්වල මෙහෙයුම් ගිවිසුමක් මගින් වෙනත් ආයතනයකට පවරා දී ඇති බවයි. ඔවුන් විසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් අනුමැතියක් ලබාගත යුතුව ඇතැයිද එහෙත් ඉදිකිරීම්වල පවතින අඩුපාඩු නිසායැයි පවසමින් මේ දක්වා අදාළ අනුමැතිය ලැබී නොමැති බව දැන ගන්නට ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.