Sunday, May 19, 2024

General line - 0115112241

ඡන්ද අල්ලස් දෙන අලුත්ම ක්‍රමය මෙන්න

නිශාන් ද සිල්වා




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. ඇතැම් අපේක්ෂකයින් ඡන්දදායකයින්ගේ ජල සහ විදුලි බිල්පත් ගාස්තු ද ගෙවා දමා ඇති බවයි එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. 

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිද්ධීන් 661ක් මේ වනවිට පැෆරල් සංවිධානය වෙත වාර්තා වී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 754ක්. 

ඒ අතරින් සිද්ධීන් 105ක් බරපතල ගණයේ ඒවා බවයි පැෆරල් සංවිධානය පවසන්නේ.