Sunday, May 19, 2024

General line - 0115112241

තැපැල් ඡන්දයේ අවසන් දිනය අද

කසුන් කැලුම්




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීමේ තුන්වන සහ අවසන් අදියර අද (02) දිනයේත් ක‍්‍රියාත්මක වනවා. මුල් අදියර දෙකේ දී තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකයින්ට අද දිනයේ දී ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඒ අනුව පළමු අදියරේ දී තැපැල් ඡන්දය භාවිත නොකළ පොලිස් නිලධාරීන්ට ද අද දිනයේ දී සිය පොලිස් ස්ථානයේදීම ඡන්දය භාවිත කළ හැකියි. දෙවන අදියරේ දී ඡන්දය භාවිත නොකළ සෙසු රාජ්‍ය නිලධාරීන්ට අදාළ දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලවල දී අද දිනයේ දී ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

මේ අතර නාමයෝජනා භාරදුන් ඡන්ද අපේක්ෂකයින්ට ඡන්ද විමසීමට පෙර ඉල්ලා අස්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියා.