Sunday, May 19, 2024

General line - 0115112241

ජල සේවක වර්ජනය තව දුරටත්




බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සිය වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක කිරීමට ජල සම්පාදන වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානය තීරණය කර තිබෙනවා. ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග ඊයේ (01) පැවැත්වූ සාකච්ඡාවද අසාර්ථක වූ බවයි එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

විෂය භාර අමාත්‍යවරයා මැදිහත් වී සිය ගැටලූවලට විශ්වසනීය පිළිතුරක් ලබාදිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ජල සේවකයින් ආරම්භ කර ඇති මෙම වර්ජනය පිළිබඳව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිය සේවක වැටුප අවසන් වරට 2015 වසරේදී වැඩි කෙරුණු අතර පසුව වසර 03කට වරක් වැටුප් වැඩි කිරීමේ පදනම මත ඉකුත් ජනවාරී මාසයේ සිට වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ සහ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු වනවා. ජල ගාස්තු වසර 06කින් වැඩිකර නොතිබීම සහ පිරිසිදු පානීය ජලය නිෂ්පාදනය සඳහා දරණ පිරිවැය ද ඉහළ ගොස් ඇති බවයි  ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.