Sunday, May 19, 2024

General line - 0115112241

නිදහස් උළෙල වෙනුවෙන් කොළඹ මාර්ග තුනක් වසා දැමේ




ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සිදු කෙරෙන පෙර පුහුණුවීම් හේතුවෙන් අද (02) දිනයේත් උදෑසන 07 සිට දහවල් 12 දක්වා කොළඹ නගරයේ විශේෂ ධාවන සැලැස්මක් ක‍්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව එම කාලය තුළ ඇතැම් මාර්ග වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.  

ගාලු පාරේ ගාලු මුවදොර වටරවුමේ සිට එන්.එස්.ඒ වටරවුම දක්වා, එන්.එස්.ඒ වටරවුමේ සිට ලෝටස් පාරේ සෙරමික් හන්දිය දක්වා සහ කොම්පඤ්ඤ විදීය දුම්රිය පොළ අසල සිට ගාලු මුවදොර වටරවුම දක්වාත් මාර්ග අද (02) සහ හෙට මෙසේ වසා තැබෙනවා.