Sunday, May 19, 2024

General line - 0115112241

OICට අල්ලස් දෙන්න ගිය අයෙකුට වැඩේ වරදී




පොලිස් ස්ථානාධිපතිවරයකුට අල්ලස් ලාබාදීමට ගිය පුද්ගලයකු, මුදල් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරකම් කරන ලද ගවයකු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වෑන් රථයක් මුදා ගැනීම සඳහා බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට, අදාල සැකකරු විසින් රුපියල් 25000ක මුදලක් දීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

සැකකරු 35 හැවිරිදි අයෙකි. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි