Sunday, May 19, 2024

General line - 0115112241

බස් රථයක් ඉවත් කරන තෙක් බස් වර්ජනයක්




මාර්ග අංක 150 කැළණිය - සීමාමාලකය පෞද්ගලික බස්රථ සේවකයින් යළි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින්  අත්තනෝතමතික ලෙස එම මාර්ගයේ ධාවනයට බස් රථයක් එක් කිරීමට විරෝධය පළ කරමින්.

එම බස් රථය මාර්ග ධාවනයෙන් ඉවත් කරන තෙක් තමන් වර්ජනයේ නිරත වන බවයි එම පෞද්ගලික බස්රථ රියදුරන් නෙත් නිවුස් වෙත කියාසිටියේ.