Saturday, July 27, 2024

General line - 0115112241

රට යන්න ගුවන් තොටුපොළට ආ මොණරා




මොණරකු සමග ගුවන් ගමනකට සූදානම් වූ කාන්තාවකගේ ගමන් වාරය අත්හිටුවීමට අමෙරිකාවේ යුනයිටඩ් ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා. ඇය තම ගුවන් ප්‍රවේශ පත්‍රය සමග කුරුල්ලකු සඳහා ද ප්‍රවේශ පත්‍රයක් අන්තර්ජාලය හරහා වෙන් කරවා ගෙන ඇති අතර ගමනට සූදානම් වී ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ දී මෙම ගැටලුවට මුහුණ දී ඇත.

ගුවන් ගමන අත්හිටුවීමට හේතුව ලෙස ගුවන් සේවය පවසන්නේ කුරුල්ලකු වෙනුවෙන් ප්‍රවේශ පත්‍රය වෙන් කර ඇති නමුත් එම කුරුල්ලා අදාළ බර සහ ප්‍රමාණය තුළ නොසිටි බවය. අදාල කාන්තාව මොණරා සමග ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ තමන් විමතියට පත් වූ බවයි එම ගුවන් සමාගම පවසන්නේ.

චිකිත්සක සතුන් රැගෙන යෑමට මානසික ගැටලු ඇති සමහර මගීන්ට ගුවන් යානා මගින් ඉඩ ලබා දී ඇත. ඒ අනුව එසේ සතුන් ගෙන යෑම වැඩිවී ඇති අතර, ඒ සඳහා අදාළ රෙගුලාසි උල්ලංඝනය වීම් ද වැඩි වී ඇත. මෙම කාන්තාවද මොණරා රැගෙනවිත් ඇත්තේ චිත්තවේගාත්මක සහායක ලෙසය.