Thursday, May 2, 2024

General line - 0115112241

හිටපු ජනපති ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස




මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇතුළු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, මාලදිවයින් ව්‍යවස්ථාව සහ එරට ද පාර්ශවකරුවෙකු වන මානව හිමිකම් සම්මූතීන් උල්ලංඝණය වන බවට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි. 

හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇතුළු දේශපාලන නායකයින්ට එරෙහිව දඬුවම් පමුණුවා ඇත්තේ දේශපාලන හේතු පදනම් කරගෙන බව එම පෙත්සම් මගින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව සාධාරණ නඩු විභාගයක් පවත්වන තුරු ඔවුන් නිදහස් කරන ලෙසයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.