Wednesday, May 1, 2024

General line - 0115112241

සෝමාවතියේ අලියකු මරා දමලා

රොෂාන් තුෂාර - පොළොන්නරුව




වෙඩි තබා ඝාතනය කළ වන අලියෙකුගේ සිරුරක් පොළොන්නරුව සෝමාවතිය රක්ෂිතයේ තිබී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 17ක් පමණ වූ අලියෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වනජීවි නිලධාරීන් පැවසුවේ.

හිසට හා පපු ප‍්‍රදේශයට එල්ල වූ වෙඩි ප‍්‍රහාර හේතුවෙන් අලියා මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

දඩයක්කරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.