බණ්ඩාරනායක දර්ශනය විනාශ කිරීමට අලූතින් පක්‍ෂ පිහිටුවාගත් පිරිස් අද එම දර්ශනය ආරක්‍ෂා කිරීමට දේශපාලන වේදිකාවේ කතා පවත්වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. කැළණියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.
"අලුත් පක්ෂය කියන්නේ දූෂිතයින් ආරක්ෂා කරන්න, එක පවුලක් ආරක්ෂා කරන්න හදාගත්ත එකක්. එතන ඉන් වැඩි දෙනෙක් ඉතාමත් දූෂිත අය. නොමග ගිහින් හෝ ඈත් වන්නට නොහැකිව හොඳ කිහිප දෙනෙකුත් තවම එතන ඉන්නවා. නමුත් එතන බලය මෙහෙයවන්නේ එක් පවුලක් සහ ඉතාමත් දූෂිත දේශපාලඥයින් පිරිසක්" යැයි පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාතර පැවති ජන රැළියක් අමතමින් කියා සිටියේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් සිය දේශපාලන ගමන නතර කළ නොහැකි බවයි.
"අපිව හිරේ දාල ප්‍රජා අයිතිය අහෝසි කරල මෙයාලට පුළුවන්ද අපිව නතර කරන්න. රාජිත කියනව එයාලගේ නඩුකාරයෝ දාල කරනව කියල. කැබිනට් එකද දැන් නඩු අහන්නේ.
අනෙත් කෙනා අවුරුදු 06ක් කරගන්න ගිහිල්ලා අන්තිමට 05ක් කරගත්තා. එන අවුරුද්ද එනකොට එයා ගෙදර යන්න ඕන. මැතිවරණය එදාට තියෙනව. ඒක තමයි ඇත්ත." යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.