අම්පාර - කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වීම සඳහා පැමිණීමට නියමිතව සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම්ට සයින්දමරුදු ජනතාව අද (03) දහවල් විරෝධතා දක්වා තිබෙනවා.
සයින්දමර්දු නගරයට එක්වූ පිරිස් කලු කොඩි වනමින් කොසු සහ ඉදල් අතට ගෙන මෙම විරෝධය පවත්වනු ලැබු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මෙම ප්‍රදේශයට වෙනම ප්‍රාදේශිය සභාවක් ඉල්ලා ප්‍රදේශයේ ජනතාව විශාල විරෝධතාවයක් පවත්වනු ලැබුවා.
එය නොලැබුන නිසා මෙම ගම්මානයේ වැසියන් ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කර තරග වදින අතර රවුෆ් හකීම් ඇමතිවරයා මෙම පළාතට ප්‍රදේශිය සභාවක් ලබා ගැනීමට උදව් නොකිරීම නිසා මෙම ගම්මානයේ වැසියන් ඔහු සමග උරණ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.