Sunday, January 12, 2025

General line - 0115112241

අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් ශෝකය පළ කරයි

හේරත් ඒකනායක - මහනුවර




මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් ද ශෝකය පළ කරනවා.

අස්ගිරි පාර්ශවය වෙනුවෙන් එහි අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පැවසුවේ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත් වීම රටටම සිදුවූ පාඩුවක් බවයි. උන්වහන්සේ දක්ෂ අනුශාසකයෙකු වූ බව ද උන්වහන්සේගේ චරිතයෙන් භික්ෂුන් වහන්සේට උගත හැකි පාඩම් රැසක් තිබෙන බවද මෙහිදී සිහිපත් කෙරුණා.

මල්වතු පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ එහි අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද පැවසුවේ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත් වීම රටට විශාල පාඩුවක් බවයි.‍

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරය ද කලක් හොබවනු ලැබුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ද හෙබවූ උන්වහන්සේ කලක් ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආසියානු හා අප්‍රිකානු අංශයේ සිංහල සහ පාලි භාෂා අධ්‍යයන ඒකකයේ ආචාර්යවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.