2020 වසර දී රට පුරා එක්සත් ජාතික පක්ෂ පාලනයක් ස්ථීර වශයෙන්ම පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) කුළියාපිටියේ දී කියා සිටියා.
එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය වසර යනු රට තුළ වැඩිම අපනයන ආයෝජනය සිදුවූ වසර ලෙස සඳහන් කළ හැකි බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය බරක් ගෙවීමට ඇති වර්ෂ ලෙස 2018 / 2019 / 2020 බව පැවසු අග්‍රාමාත්‍යවරයා එම සියළු ණය 2020 වන විට ගෙවා අවසන් කරන බව කියා සිටියා.
ඉන් අනතුරුව 2020 වසරේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් කියා සිටියා.
මෙම අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කවදාද පිහිටුවන්නේ කියා ගමේ ජනතාව තමාගෙන් විමසන බවයි.
එමෙන්ම පසුගිය මස 21 වන දින පොහොට්ටුව නියෝජනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුළියාපිටිය ප්‍රදේශයේ දී ජන හමුවක් පවත්වා විශාල ජන ගඟක් කුළියාපිටියට ගෙන්වන ලෙස තමන්ට එහිදී අභියෝග කළ බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.
එම අභියෝගය ජයගෙන අද දින විශාල ජන ගඟක් කුළියාපිටියට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූ බවත් එය තම පක්ෂයේ ඉදිරි ජයග්‍රහණය තහවුරු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.