Sunday, January 12, 2025

General line - 0115112241

දකුණු ආසියාවේ වේග රැජිනට පොදුරදමඩුලූ දොර වැසෙයි ?

කසුන් කැලුම්




දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩිකාව ලෙස කිරුලූ පැලඳු රුමේෂිකා රත්නායකට මෙවර පොදුරාජ්‍ය මණ්ඩයීය කී‍්‍රඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාව අහිමිකර ඇතැයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා.

ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කොස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උලෙල සඳහා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු සහභාගි වීමට නියමිතයි.

ඒ සඳහා තේරීම් තරග ඉකුත්දා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැති අතර රුමේෂිකා රත්නායක ඊට සහභාගි වී නැහැ.

කෙසේ වෙතත් ඇය මේ වන විට ශී‍්‍ර ලංකාවේ සිටින මීටර් 100 සහ 200 කෙටි දුර ධාවන ඉසව්වල ශූරියයි. රුමේෂිකා රත්නායක මේ වන විට ඔස්ටේ‍්‍රලියාවේ පුහුණුවීම්වල නිරත වනවා.

ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙළ සඳහා ඇය එහි පුහුණුවීම් සිදු කිරීම ශී‍්‍ර ලංකාවට එක්තරා වාසියක්ද වනවා. එවන් පසුබිමක ඇයව ඊට එක් වන මලල කී‍්‍රඩා කණ්ඩායමට ඇතුළත් නොකිරීම බලධාරීන්ගේ අනුවන කි‍්‍රයාවක් බවයි මලල කී‍්‍රඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.