අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට ගෞරවයක් ලෙස ඉදිරි දිනවලදී සැළසුම් කර ඇති මැතිවරණ ප්රචාරක කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.
හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙම ඉල්ලීම කළා.
ජාතික ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කරන ලෙසයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ.