එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ආණ්ඩු බලය හුවා දක්වමින් මැතිවරණ නීති උල්ංඝනය කරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
ඔවුන් කොළඹ අද (03) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදුකෙරෙන මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වහාම සුදුසු පියවර ගන්නැයි මැතිවරණ කොමිසමෙන් සහ නිරීක්ෂණ සංවිධාන වලින් මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඉන් පුද්ගලයින් 210 ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඡන්ද පෝස්ටර් ළග තබා ගැනීම සහ ඒවා ඇලවීමේ චෝදනාව යටතේ බවයි පොලීසිය පැවසුවේ.
මැතිවරණයට අදාළව මේ වනවිට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 576 ක්. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර අපේකෂකයන් 17 දෙනෙකුද වන බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ.