හෙටට (04) යෙදෙන ශ්‍රී ලංකාවේ 70වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සුභාශිංසන පළ කර තිඛෙනවා.
සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ එළබෙත් මහ රැජින ප්‍රකාශ කර ඇත්තේ මෙම සැමරුම සඳහා පෞද්ගලිකව සහභාගී වීමට නොහැකි වීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි.
කෙසේ වෙතත් තමන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු වන එඩ්වඩ් කුමරු සහ එම කුමරිය ඊට සහභාගි වනු ඇතැයි ද ඇය සිහිපත් කර තිබෙනවා.
ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු අතැයි අපේකෂා කරන බවද එළිසඛෙත් මහ රැජින නිකුත් කළ සුභාශිංසන පණිවුඩයේ සඳහන්.
මේ අතර, සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රී ලංකාව සාර්ථක ගමනකට එළඹ සිටින බවයි. සංහිඳියාව, වගවීම සහ යුක්තිය සපිරි රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වී ඇතැයි ද මෙම සුභාශිංසන පණිවිඩයේ සඳහන් වනවා.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අදහස් කරන බවයි.
හෙටට යෙදෙන ශ්‍රී ලංකාවේ 70වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං ද සුභාශිංසන පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශක්තිමත් වූ බවද ඉදිරියේදි එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද එහි සඳහන්.