Sunday, January 12, 2025

General line - 0115112241

නිදහස් දින සැමරුම හේතුවෙන් විශේස රථ වාහන සැලස්මක්




70වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ප්‍රධාන උත්සවය හෙට (04) කොළඹ ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් හෙට (04) අළුයම 5 සිට දහවල් 12 දක්වා කොළඹ සහ අවට ප්‍රදේශවල විශේෂ ධාවන සැළැස්මක් ද ක්‍රියාත්මකයි.

එම කාලය තුළ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබෙන අතර තවත් මාර්ග කිහිපයක වාහන ධාවනය සීමා කෙරෙනවා. ඒ අනුව, කොළඹට ඇතුළුවන සහ පිටවන වාහන සහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

බර වාහන සහ සැහැල්ලූ වාහන සහා විකල්ප මාර්ග වෙන වෙනම හඳුන්වා දී ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කොළඹට පැමිණෙන සැහැල්ලූ වාහන ගාලූ පාරේ වැල්ලවත්තේ සිට කොල්ලූපිටිය දක්වා දකුණට හැරවීමට අවසර තිබෙන ඕනෑම අතුරු මාර්ගයකින් හරවා පුරහල ඔස්සේ කොළඹට ඇතුළු වියයුතුයි.

සැහැල්ලූ වාහන කොළඹින් පිටවීමේදීද පුරහල ඔස්සේ තුන්මුල්ලට පැමිණ ආර් ඒ ද මෙල් මාවත ඔස්සේ ධාවනය කළ යුතු බවද පොලිසිය පැවසුවා.