මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වන සියලු සභිකයන් සඳහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුහුණු සැසි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ දිස්ති‍්‍රක්කයකට 02 බැගින් මෙවැනි පුහුණු සැසි 50 ක් පවත්වන බවයි.
පළත් පාලන ආයතනවල විනිවිදභාවය තහවුරු කිරීම මෙයින් අපේක්ෂා කෙරෙනවා.
මහනාගර සභා 24ක්, නගර සභා 41 සහ ප්‍රාදේශීය සභා 276 ක් වශයෙන් පළාත් පාලන ආයතන 341 ක් රට තුළ ස්ථාපිතයි. ඒවා වෙනුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තොරාපත්කර ගැනෙන මුළු සභිකයන් ගණන 8293ක් වනවා.