Sunday, January 12, 2025

General line - 0115112241

නිදහසේ 70 වැනි ජාතික සැමරුම ඇරඹෙයි (UPDATE) (VIDEO)




70 වැනි ජාතික නිදහස් දින සැමරුම් ප‍්‍රධාන උත්සවය ගාලූ මුවදොරදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුනේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එහි විශේෂ ආරාධිතයා ලෙස බි‍්‍රතාන්‍යයේ එඞ්වඞ් කුමරු සහ එම ආර්යාව සහභාගී වි සිටිනවා.

උත්සව භූමියට සම්ප‍්‍රාප්ත වු ජනාධිපතිවරයා පිළිගනු ලැබූයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන විසින්.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ප‍්‍රධාන කොඩි කණු වෙත කැටුව යනු ලැබුවා.

සක් නද හා මංගල බෙර වාදනය මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය ඔසවනු ලැබූයේ ඉන් අනතුරුවයි. තෝරාගත් පාසල් කිහිපයක සිසු සිසුවියන් 110 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කිරීම ද මෙහිදී සිදුවුණා.   

-------------------------------------

70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි

(04-02-2018 05:31)

 

ශ‍්‍රී ලංකාවේ 70වන ජාතික නිදහස් දින සැමරුම අදට (04) යෙදී තිබෙනවා.

වසර ගණනාවක් විවිධ විදේශීය ජාතීන්ට යටත් වී සිටි ශ‍්‍රී ලංකාව ඔවුන්ගෙන් නිදහස ලැබූයේ 1948 වසරේදීයි. 

70වන ජාතික නිදහස් දින ප‍්‍රධාන සැමරුම් උත්සවය කොළඹ ගාලූමුවදොර පිටියේදී අද (04) පැවැත්වෙනවා.

එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ බි‍්‍රතාන්‍යයේ එඞ්වඞ් කුමරු සහ එම ආර්යාවයි. සැමරුම් උළෙලට සංස්කෘතික අංග රැසක්ද ඇතුළත්.

ප‍්‍රධාන උත්සවයට සමගාමීව දිස්ත‍්‍රික් මට්ටමින් සහ විදේශීය රටවල ද සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා. 70වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සියලු නිවෙස්වල, ආයතනවල සහ වාහනවල ජාතික කොඩිය ද ඔසවා තබන ලෙසද  ස්වදෙශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

විදේශීය ජාතීන්ගේ යටත් විජිතයක්ව පැවති ශ‍්‍රී ලංකාව 1948 වසරේදී නිදහස ලබාගත්තේ අවියෙන් සහ බුද්ධියෙන් කෙරුණු අරගල මතින්.

ඒ අලලා නෙත් නිවුස් සකස් කළ විශේෂාංගයක් පහතින් දැක්වෙයි.