සැබෑ නිදහස යනු දේශපාලන නිදහස පමණක් නොවන බව නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙය අප සැම මැනවින් අවබෝධ කර ගත යුතු බවයි. නිදහස පරිපූර්ණ වීමට නම් ජාතියක ආර්ථික නිදහස සහ සංස්කෘතික නිදහස ද තහවුරු විය යුතුයි. ආර්ථික නිදහස කරා යන ගමන පිළිබඳව සැලකීමේදී මෙම වර්ෂය අපට ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා සිය නිදහස් දින පණිවුඩය මගින් පෙන්වා දී ඇත්තේ.
මෙම වර්ෂය ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරනු ලැබුවේ අප ජාතිය දශක 7ක් තිස්සේ දුටු සිහිනයක් වන ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීමට බවද ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
නිදහස ලබා දශක 7ක් සපිරෙන මේ අභිමානවත් අවස්ථාවේ රට වෙනුවෙන් ඉටු කළ යුතුව ඇති සියළු වගකීම් නොපිිරිහෙලා ඉටු කරන බව සපථ කරන අතරම ජාතියක් ලෙස සැබෑ ශක්තිය නම් සමගිය සහ අධිෂ්ඨානය බවයි ජනාධිපතිවරයා සිය නිදහස් දින පණිවුඩයෙන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ.