Sunday, January 12, 2025

General line - 0115112241

"නිදහස වෙනුවෙන් සියලුදෙනා ඉටුකළ යුතු වගකීමක් තියෙනවා" - අගමැතිවරයාගේ නිදහස් දින පණිවුඩය




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද 70වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

දිනූ නිදහස අර්ථවත් කර ගැනීමට නම් වාර්ගික, ආගමික, පක්ෂ, පාට සියළු භේදයන් ඉක්මවා එකම දැයක් තුළ අභිමානවත්ව, සාමකාමීව, එක්සත්ව කටයුතු කිරීම සැමගේ වගකීමක් බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නව රජය පත්වීමත් සමග ඒ සඳහා අවැසි සමාජ, දේශපාලන, ආර්ථික පසුබිම ගොඩනැගීමට විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ කටයුතු කළ යුතුයි. වඩාත් ස්ථාවර නිදහස් සමාජයක් ගොඩ නැංවීමට සිය රජය තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි අග‍්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.

දිනූ නිදහස වඩාත් තිරසර අර්ථසම්පන්න නිදහසක් බවට පත් කර ගැනීම සඳහා සමස්ථ ශි‍්‍ර ලාංකීය ජනතාව එක්ව කටයුතු කරනු දැකීම සිය අපේක්ෂාව බවද අග‍්‍රාමාත්‍යවරයා සිය නිදහස් දින පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.