70 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
කැඩී බිඳී ගිය අපගේ අර්ථිකය යළි ගොඩනැගීමත්, ජනතාව අතර දිගුකල් පවතින සාමයක් ඇති කිරීම කෙරෙහි විශාල බලපැමක් ඇති කළ යුතුයි.
ඒ සඳහා සාධාරණ හා පිළිගත හැකි දේශපාලන විසඳුමක් සෙවීමට රටේ සියලු නායකයන් හා ජනතාව එක් විය යුතු බවයි විපක්ෂනායක ආර්. සම්බන්ධන් සිය නිදහස් දින පණිවුඩයේ දක්වා ඇත්තේ.