70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළලේ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන ප‍්‍රධාන උත්සවයට ඇතුළත් කර තිබූ ලැප් ටොප් නර්ථනය ඉන් ඉවත් කර තිබෙනවා.
මේ පිළිබඳ පසුගිය දින කිහිපය පුරා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ මත පළ වුණා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් කියා සිටියේ එම නර්ථනය සැමරුම් උත්සවයට නොගැළපෙන බැවින් එය ඉවත් කිරීමට වජිර අබේවර්ධන අමාතයවරයා උපදෙස් ලබා දුන් බවයි.