Sunday, January 12, 2025

General line - 0115112241

දක්ෂිණ අධිවේගයේ වේගයෙන් ගිය කාර් රථයක් පෙරළීයයි




දක්ෂිණ අධිවේගී මාර්ගයේ 43එල් ස්ථානයේදී ධාවනය වූ කාර් රථයක් පෙරළී ගොස් තිබෙනවා.

මාතර දෙසට ධාවනය වී ඇති මෙම කාර් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව මෙලෙස මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරෙන් කාර් රථයේ ගමන් ගත් රියදුරු, කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වූ ඩයස් පෙදෙස පානදුර ලිපිනයේ පදිංචි අනෝමා ජයවර්ධන නැමැත්තියක්.