Saturday, May 18, 2024

General line - 0115112241

බැඳුම්කර විවාදයේදී රහස් සැළසුමක් ගැන මහින්ද පෙන්වයි

හේවා පී. කරුණාරත්න - මාතලේ




බැඳුම්කර විවාදයේ දී සිදු කිරීමට සැළසුම් කර ඇති රහස් සැළසුමක් පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය කරනවා.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ බැඳුම්කර විවාදය තමාට මඩ ගැසීමේ ව්‍යාපාරයක් බවට පත්කර ගැනිමේ සුදානමක් ඇති බවයි. ඊයේ (03) මාතලේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ මිහින් ලංකා කොමිසමෙන් රාජපක්ෂ පවුලට චෝදනා කිරීමේ හැකියාවක් නොමැති බවයි.

එහිදී  "ඡන්ද දායකයාට 10 වැනිදාට ලොකු රාජකාරියක් තියෙනවා. ඒක රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කරන යුතුකමක්. මේක ගමේ මන්ත්‍රිවරයා පත් කරන මැතිවරණයක් නොවෙයි. රට බෙදන ව්‍යවස්ථාව වෙනස් කරන ඡන්දයක් . රට බෙදනවාට විරුද්ධව තනතුරුවලින් පවා ඉල්ලා අස්වුණු බෙල්ලන්විල නායක හාමුදුරුවෝ අපවත්වුනු අවස්ථාවක්." යනුවෙන්ද සඳහන් කළා.