Sunday, January 12, 2025

General line - 0115112241

පොලිස් නිලධාරිනියකට දරුණු ලෙස පහරදීලා (PHOTO)

දිනසේන රතුගමගේ




පොලිස් කාන්තා නිලධාරිනියකට පහරදීමක් සිදුව තිබෙනවා.

යාපනයේ නෙල්ලිඅඩි පොලීසියේ සේවයේ නිරත කාන්තා පොලිස් නිලධාරිනියක් මෙලෙස පහරකෑමෙන් බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙම සිදුවීම ප්‍රථමයෙන් පොලිසියට වාර්තා වී ඇත්තේ අදාළ පොලිස් කාන්තාව රිය අනතුරකින් තුවාල ලබා තිබූ බවයි.

එහිදී ඇයට සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් සැක සිතූ චාවාකච්චෙරි පොලිසිය මේ පිළිබඳව වැඩි දුර සොයා බලා තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ තුවාල ලබා ඇත්තේ රිය අනතුරකින් නොව කිසියම් පුද්ගලයෙකු විසින් කල පහර දීමක් නිසා බවයි.

පොලීසියට එසේ තොරතුරු සපයා දී ඇත්තේද පහර දුන් පුද්ගලයා විසින්ම බවයි වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ.

තුවාල ලබා රෝහල් ගත කොට සිටින පොලිස් නිලධාරිනිය පවසා ඇත්තේ තමන්ට පහර දෙන ලද්දේ සිය ස්වාමිපුරුෂයා විසින් බවයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වයි.දර්ශනී නැමති 24 හැවිරිදි පොලිස් නිලධාරිනියක්.