සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ කැටපත් පවුර සංරක්ෂණය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂකයින් සහ කැළණිය විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් අනතුරුවයි.
අදාළ තත්ත්වය පිළිබඳ සහ රසායනික සංරක්ෂණය පිළිබඳ මෙරට ප්‍රවීණයන් විසින් තව දුරටත් පර්යේෂණ සිදුකර ඇති අතර හැකි ඉක්මනින් මෙම දිලීරය ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාව ඔවුන් අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවලගේ උපදෙස් මත පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රසායනික සංරක්ෂණය පිළිබඳ විශේෂඥයින් සීගිරිය කැටපත් පවුරේ අදාල කොටසේ සංරක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මහාචාර්ය පී. බී. මණ්ඩාවල විසින් විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ව ද වහා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව මෙම තත්ත්වයට කඩිනමින් පිළියම් යෙදීම සඳහා දේශීය විශේෂඥයින්ගේ උපරිම දායකත්වය ලබා ගන්නා ලෙසත් අවශ්‍ය ඕනෑම මොහොතක විදේශීය විශේෂඥයින් ද මෙරටට කැඳවීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දී ඇත්තේ කෙතරම් මුදලක් මෙම සංරක්ෂණ කටයුතු සඳහා වියදම් වුවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ දායකත්වද ලබා ගනිමින් හැකි ඉක්මනින් අදාළ සංරක්ෂණ කටයුතු සිදුකර කැටපත් පවුර ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි.