Sunday, January 12, 2025

General line - 0115112241

අගමැති 2015දී කළ ප්‍රකාශයක් සන්ධාන රැළියේදී හෙළි කරයි - දැන් වගකීම භාර ගන්නලු




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට මෙරටට පැමිණෙන ලෙස ජාත්‍යන්තර පොලිසිය හරහා සිතාසි යොමු කිරීමේ සිද්ධිය පිළිබඳ දේශපාලන වේදිකාවේ දී  අදහස් පළ වනවා.

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ වගකීම අග‍්‍රාමාත්‍යවරයාට පැවරෙන බවයි.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බණ්ඩාරගම ප‍්‍රදේශයේ පැවැත් වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින්. 

එහිදී "අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. ඒ 2015 මාර්තු 17 වැනිදා. එදා සිදු කළ ප්‍රකාශයේ පැහැදිළිව සඳහන් වෙනවා..එතුමා අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ඒ වගකීම ගන්නවා කියලා.. ඊළඟට නිර්දේශවල සඳහන් කරලා තියෙනවා..අගමැතිතුමා විසින් නොකළ යුතු ප්‍රකාශයක් කරලා තියෙනවා කියලා..අර්ජුන් මහේන්ද්‍රන් සහ එයාගේ දෙවනියා කෙරෙහි විශ්වාසය තියලා. එතකොට අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්වා ගැනීමේ ප්‍රධානම වගකීම තියෙන්නේ අගමැතිවරයාටයි." යනුවෙන් සඳහන් කෙරුණා.