පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (04) දිනයෙන් අවසන් කරන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා.
ඒ අනුව තවදුරටත් ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට අද දිනයෙන් පසුව සිය තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බවයි ඔහු කියා සිටියේ.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්රචාරක කටයුතු ලබන 07 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.