Tuesday, May 21, 2024

General line - 0115112241

නිදහස වෙනුවෙන් 544කට නිදහස

නිශාන් ද සිල්වා




70 වන ජාතික නිදහස වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 544 දෙනෙකුට අද (04) නිදහස හිමිවුණා.

ඒ අතරට කාන්තාවන් 06 දෙනෙකුද ඇතුළත්.

නිදහස හිමිවූ සිරකරුවන් අතර මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන් 56ක්ද වනවා.

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 46ක් සහ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 28දෙනෙකුද අද නිදහස් කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මෙලෙස නිදහස හිමිවූයේ සුළු වැරදිවලට සහ දඩ ගෙවීමට නොහැකි වූ සිරකරුවන් සඳහායි.