අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද එක්වුණා.
ඒ, උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදියි.
අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ දායක සභාව වෙත ද ජනාධිපතිවරයා සිය සංවේගය පළකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මේ අතර, අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එළඹෙන 8වනදා ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ ශ‍්‍රී ජටවර්ධනපුර විශ්වවිද්‍යාල ක‍්‍රීඩාංගණයේදියි.