Tuesday, May 21, 2024

General line - 0115112241

ලිපිනයේ ගැටළුවක්..මුස්ලිම් කොංග්‍රසය මැදිහත්වීමෙන් එජාප රැස්වීමක් අවලංගුයි

වසන්ත පිවිතුරු




එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවන් පිරිසක් අතර අද (04) පුත්තලම ප්‍රදේශයේ දී ගැටුමක් ඇති වී තිබෙනවා.

 

පුත්තලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියක එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් සංවිධාන කර තිබුණා. ඊට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවන් පිරිසක් විරෝධය පළ කිරිමත් සමග මෙම ගැටුම ඇති වී ඇති බව සඳහන්.

 

කෙසේ වෙතත් සංවිධානය කළ පරිදි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම පැවැත්වීමට නොහැකි වූ අතර එය අවලංගු කෙරුණා. අදාළ ස්ථානයට පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර ඇති අතර පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

 

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන්  nethnews.lk  පුත්තලම පොලීසියෙන් විමසීමක් කළා. එහි ස්ථානාධිපතිවරයා පැවසුවේ රැස්වීම පැවැත්වීම සඳහා අදාළ පක්ෂ දෙකෙහි සංවිධායකවරුන් විසින් මීට පෙර දින වෙන් කරවා ගෙන තිබු බවයි.

නමුත් පක්ෂ දෙකෙහි සංවිධායකවරුන් විසින් තොරගෙන ඇත්තේ එකම ස්ථානයක් වූවත් රැස්වීම පැවැත්වීම සඳහා පොලීසියෙන් අවසර ලබා ගැනීමේ දී ලිපින දෙකක් ලබාදීමෙන් මෙම ගැටළුව ඇති වූ බව ද ඔහු පැහැදිළි කර සිටියා. 

කරුණු සොයා බැලීමෙන් පසු මුලින් අවසර ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට එම මුස්ලිම් පල්ලියේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම පැවැත්වීමට පොලීසිය අවසර ලබාදී තිබෙනවා.

 

ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවන් පිරිසක් එහි ගොස් බාධා කර ඇති බවද පුත්තලම පොලීසියේ ස්ථානාධිපතිවරයා nethnews.lk  වැඩිදුරටත් කියා සිටියා.පොලීසිය මැදිහත් වීමෙන් දෙපාර්ශවයට මැතිවරණ ප්‍රචාරක රැස්වීම පැවැත්වීම සඳහා වෙනත් සුදුසු ස්ථාන දෙකක් ලබාදුන් බවද ඔහු කියා සිටියා.