Tuesday, May 21, 2024

General line - 0115112241

ගම්පහ ඝාතනය පිටුපස පස් ජාවාරමක් ඇති බවට සැකයක්

ටෝනි කරුණානායක - ගම්පහ




ගම්පහ නැදගමුව ප‍්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම පිටුපස පස් ජාවාරමක් ඇති බවට සැක පළ වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ද පස් ව්‍යාපාරිකයෙකු බවයි පැවසෙන්නේ. ඔහු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර තිබුණා.

වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා පළමුව ඇතුළත් කළේ ගම්පහ මහ රෝහලටයි. අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු අද (04) ජීවිතක්ෂයට පත්වුණා. මෙම පුද්ගලයා ගම්පහ නැදගමුව ප‍්‍රදේශයේම පදිංචිව සිටි 33 හැවිරිදි අයෙක්.