Tuesday, May 21, 2024

General line - 0115112241

තඹුත්තේගම ගල්නෑව අනතුර ගැන පොලිස් පරික්ෂණ ඇරඹේ




පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැවමින් තඹුත්තේගම ගල්නෑව මාර්ගයේ තිස්පනේපුර ප‍්‍රදේශයේදී කුඩා ලොරි රථයක් සහ ත‍්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වුයේ ත‍්‍රිරෝද රථයේ ගමන් ගත් සිව් දෙනෙක්.

ඒ අතරට දරුවෙකු ද අයත් බවයි පොලිසිය පැවසුවේ.අනතුරින් ලොරි රථයේ ගමන් ගත් සිව් දෙනෙකු ද තුවාල ලැබුවා.

මේ අතර, මීගමුව සිට කෙළඹ බලා ධාවනය වු දුම්රියේ ත‍්‍රිරෝද රථයක් ගැටීමෙන් සීදුව ඊරියගහළි දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් ද කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.