මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන් පිරිසක් කළු කොඩි ඔසවා අද (4) වෙනිදා පැවත්වීමට ගිය විරෝධතාවයක් පොලීසිය මැදිහත් වී නතර කර තිබෙනවා..
මෙම ගම්මානයේ වැසියෝ විරෝධතාවය දියත් කිරීමට සූදානම් වී ඇත්තේ ඔවුන්ගේ ගම්මාන වලට අයත් ඉඩම් යුද හමුදාවෙන් නිදහස් කර දෙන ලද නමුත් රජයේ නිලධාරීන් ඔවුන්ට අවශ්‍ය සෙසු පහසුකම් සලසා නොදීම හේතුවෙන්.
එවැනි අවස්ථාවක රජයේ නිලධාරින් 70 වෙනි නිදහස් උළෙල සැමරීම සම්බන්ධයෙන් තමන් විරෝධය පල කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පොලීසිය මේ අවස්ථාවේ දී පැහැදිලි කර දී ඇත්තේ නිදහස් උළෙල සැමරීම හා ඉඩම් වල පදිංචි අයට සහන සැලසීම යන්න කාරණා දෙකක් මිස ඒවා එකිනෙකට සම්බන්ධ නොවන බවයි.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව රජයේ නිලධාරීන් හමුවී තමන්ගේ ප්‍රශ්න එම නිලධාරීන්ට ඉදිරිපත් කර ඊට විසදුම් සපයා ගන්නා ලෙසයි පොලිසිය ඔවුන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
ඊට අවශ්‍ය සහාය ලබාදීමට පොලීසිය සූදානම් බවත් එහිදී පොලීසිය ප්‍රකාශ කිරීමෙන් පසුව විරෝධතාවය එය අතහැර දමා තිබෙනවා.
මෙම විරෝධතාවයට කුඩා දරුවන් පවා එක් කරගෙන සිටි බව මුලතිව් පොලීසිය පැවසුවේ.