Sunday, January 12, 2025

General line - 0115112241

දේශපාලන අවශ්‍යතා මත පත් කරන කොමිසම්වලට නැති හැකියාවක් ගැන හිටපු ජනපති කියයි




ශ‍්‍රී ලන්කන් හෝ මිහින් ලංකා කොමිසම්වලින් රාජපක්ෂ පවුලට චෝදනා කිරීමේ හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මෙම කොමිෂන් දේශපාලන අවශ්‍යතා මත පත් කරන ඒවා බවයි.

එමගින් සිදු කරන්නේ ඔවුන්ට අවශ්‍ය පුද්ගලයින්ට පමණක් මඩ ගසා චරිත ඝාතනය කිරීමට බවයි මාතලේදී මාධ්‍ය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

ලබන සතියේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැඳුම්කර විවාදය ද තමන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමේ සූදානමක් ඇති බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.