70 වන ශ්‍රී ලංකා ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ "කරුණාකර තමන්ගේ අදහස්වලට සවන් දී එය භාරගන්න" ලෙස ඉල්ලමිනුයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවුඩය යොමු කර තිබෙන්නේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට තමා බලාපොරොත්තු වන බවද එහි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබෙනවා.
දෙරට අතර ඉතිහාසයේ සිට පැවත එන සම්ප්‍රදායන් මෙන්ම සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම දෙරටේ වගකීම බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින්නේ සැබෑ මිත්‍රත්වයක් බව පවසන ඉන්දිය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ එය බිඳ දැමීමට කිසිඳු බලවේගයකට නොහැකි බවයි.
එම මිත්‍රත්වය ඉදිරියට රැගෙන යාමට තමා කැපවන බවත් ඊට ලක් රජයේ සහාය අපේක්ෂා කරන බවත් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සිය සුබ පැතුම් පණිවුඩය මගින් පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ද ඉන්දියාව නිරන්තරයෙන් කැපවී සිටින බවත් ඔහු සඳහන් කර තිබෙනවා.