විශේෂ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද (05) පැවැත්වීමට නියමිතයි.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. මහ බැංකු බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන කමිටුවල වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණයි.
විවාදයේදී එක් එක් පක්ෂවලට ලබා දෙන කාලය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බවයි වාර්තා වන්නේ. අදාළ වාර්තා සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙට (06) පැවැත්වීමට නියමිතයි.
විවාදය සඳහා තවත් දින යොදා ගන්නේ ද යන්න පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ඇති.
විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයට ලබා දී ඇති කාලය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ ඉන්න මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳ අවධානය යොමු කර කාලය වෙන් කිරීම සිදු කළ යුතු බවයි.
මේ අතර, හෙට පැවැත්වෙන විවාදය සඳහා කථිකයින් පස් දෙනෙකු පමණක් යෙදවිමට ඒකාබද්ධ විපක්ෂය තිරණය කර තිබෙනවා. ඒ අනුව, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, හා නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත‍්‍රීවරුන් පමණක් ඊට එක්වනු ඇති.