රටේ ප‍්‍රධාන දේශපාලන නායකයින් වෙත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආරාධනයක් සිදු කළා.
ඒ, හොරකමට, වංචාවට, දූෂණයට, නාස්තියට හා මිනීමැරුම්වලට විරුද්ධව අවංකව හා නිවරැදිව තමන් සමග මුහුණට මුහුණ කතා කිරීමට හැකි නම් එකම වේදිකාවකට පැමිණෙන ලෙසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (04) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින්.
පිරිසිදු පාලනයක් තුළ රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙල කාර්යක්ෂම කළ හැක්කේ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තියට එරෙහි ප‍්‍රතිපත්ති සහ දර්ශනය ශක්තිමත් කිරීමෙන් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.