වැටුප් ගැටලූවක් මුල් කරගනිමින් ජල සම්පාදන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) පස්වරුවේ අත්හිටවූවා.
ඒ, ඔවුන්ගේ ගැටලූ විසඳන බවට විෂය භාර අමාත්‍ය රාවුෆ් හකීම් ලබා දුන් ලිඛිත පොරොන්දුවක් මතයි.
කෙසේ වෙතත් ලිඛිත පොරොන්දු ඉටු නොවන්නේ නම් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පැවසුවේ.
----------------------
වර්ජනය අත් නොහරින බව ජලසම්පාදන වෘත්තීය සමිති කියයි (06-02-2018 06:27)
සිය වැටුප් ගැටලූවට විසඳුම් ලබා දෙන තෙක් සිය වර්ජනය අත්නොහරින බව ජල සම්පාන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.
ඔවුන් ඊයේ (05) උදෑසන 9.00 සිට ආරම්භ කළ වර්ජනය නම් කර ඇත්තේ කළු විරෝධතාව ලෙසින්.
--------------------------
වර්ජනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම් බිඳ වැටිලා (UPDATE)
(05-02-2018 10:52)
අද පෙරවරු 09.00 සිට ක්‍රියාත්මක සිය අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිටත් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම් බිඳ වැටී ඇති බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.
එහි කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ වර්ජනයේ නිරත ජල සම්පාදන සේවකයින් කිසිඳු අවස්ථාවක දෛනික බිඳවැටීම අලුත් වැඩියා නොකරන බවයි.
ජල සම්පාදන සේවකයින් අද පෙරවරුවේ මෙලෙස අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළේ සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන්.
-------------------------------------
අද සිට ජල සම්පාදන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක
(05-02-2018 08:38)
අද (05) පෙරවරු 09.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට ජලසම්පාදන සේවකයින් තීරණය කර තිබෙනවා.
ඒ, සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන්.
ජල සම්පාදන මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට විරෝධය පළ කිරීම ද මෙම වර්ජනයේ තවත් අරමුණක්.
සේවක සේවිකාවන්ගේ දරුවන්ට රැකියා ලබාදීම සඳහා මීට පෙර ලබාදී තිබූ කෝටාව නැවත ලබාදෙන ලෙසට ද ජල සේවකයින් වර්ජනය මගින් ඉල්ලා සිටිනවා.
වර්ජනය හේතුවෙන් ජල සැපයුම බිඳ වැටුණහොත් යථා තත්වයට පත් කිරීම සිදු නොවනු ඇති බවයි ඔවුන් කියා සිටියේ.