සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්රිකට් තරගයේ දී අපුරු සිද්ධියක් වාර්තා වුණා.
ඒ, ඉන්දීය කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 02ක් පමණක් ඉතිරිව තිබියදී තරගය දිවා ආහාරය සඳහා නතර කිරීමයි.
විනිසුරුවරුන් ගත් එම තීරණයට පිටියේ පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය නායක විරාත් කෝලි විරෝධය පළ කරන අයුරුද දක්නට ලැබුණා.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු කණ්ඩායම සියලූදෙනා දැවී රැස් කළේ ලකුණු 118ක් පමණයි.
එම ඉණිම අවසන් වූ වහාම ඉන්දීය කණ්ඩායම ද පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියා.
ඉන්දීය කණ්ඩායමේ ජයග්රාහී ලකුණු 02 ලබා ගැනීම සඳහා යළි තරගය ආරම්භ වන තුරු පේ්රක්ෂකයින්ට විනාඩි 40ක් බලා සිටීමට සිදුවීම ද විශේෂත්වයක්.